පිරිසිදු චේතනාව

ආයත්-1

“නැමදුම අල්ලාහුතආලාට පමණකි” යන පිරිසිදු චේතනාවෙන් ඔවුන් අල්ලාහ්ව නැමදීමටත් ,සලාතය ඉටුකිරීමටත් ,zසකාත් පිරිනැමීමටත් (හැර අන්දෙයකට ) ඔවුන් අණ ලැබුවෙ නැත.තවද මෙය ස්ථාවර ධර්මය වන්නේය.
(සූරා අල් බය්යිනාත්:05)

ආයත්-2

“මෙලෙස කුර්බාන්(සත්වයින් වූ) උන්ගේ මස් හෝ ලේ අල්ලාහ් වෙත ලඟා නොවේ.එහෙත් ඔබගේ බියබැතිමත්කම ඔහු වෙත ලඟාවේ”
(සූරා අල්හජ්:37)

ආයත්-3

නුඹලාගේ මනස තුල තිබෙන දෙය නුඹලා සැඟවුවද,හැළිදරව් කළද,අල්ලහ් එය මැනවින් දනී” යැයි නබිවරයාණෙනි ඔබ පවසන්න.
(සූරා ආල ඉම්රාන්:29)

හදීස්:1

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසීම තමා ඇසු බව (අමීරුල් මුඃමිනීන්) උමර් ඉබ්නු කත්තාබ් රලියල්ලාහු අන්හුතුමා දන්වයි ක්‍රියාවන් සියල්ල (නියියත් )අධිෂ්ඨානය අනුව සිදුවන්නේය.කවරෙකු අල්ලාහුතආලා හා ඔහුගේ රසූල්වරයා වෙනුවෙන් හිජ්රත් කරයිද,එය එලෙසම සිදුවන්නේය කවරෙකු මෙලොව වස්තූන් හෝ කාන්තාවන් විවාහ කර ගැනීමේ අදහසින් හිජ්රත් කරයිද,එයද එලෙසම සිදුවන්නේය.(ග්‍රන්ථ :බුඃහාරි,මුස්ලිම්)

හදීස්:2

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසු බව උම්මුල් මුඃමිනීන් ආයිෂා රලියල්ලාහු අන්හාතුමිය දන්වයි “(අවසාන කාලයේදි )කඃබාව වෙත යුද්ධ සේනාවක් පෙමිණෙයි එම සේනාව “බයිදා” නම් ස්ථානයේ සිටින විට,ඔවුන්ගෙ පළමු වැන්නා පටන් අවසාන තැනැත්තා දක්වා(සියල්ලන්ව )පොළව ගිල ගනී” යැයි නබිතුමාණන් පැවසු විට “යා රසූලුල්ලාහ්! ඔවුන්ගෙන් පළමු වැන්නා සිට අවසාන තැනැත්තා දක්වා පොළව ගිලගන්නේ කෙසේද? ඒ අතර කඩවීදියෙ සිටින අයත් එම සේනාවට අයත් නොවන අයත් සිටිය හැකි නොවේ දැයි” මම ඇසුවෙමි.එයට එතුමාණන් “එසේය ඔවුන්ගේ පළමු වැන්නා සිට අවසාන තැනැත්තා දක්වා(සියලු දෙනාවම ) පොළව ගිලගනියි.පසුව (කියාමත් දිනයෙදී) ඔවුන්ගේ අධිෂ්ඨානය අනුව ඔවුහු නැගිටවනු ලබයි.
(ග්‍රන්ථ :බුඃහාරි,මුස්ලිම්)

හදීස්:3

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසු බව ආයිෂා රලියල්ලාහු අන්හාතුමිය දන්වයි.මක්කා ජයග්‍රහණයට පසු හිජ්රත් යෑමක් නොමැත.නමුත් අල්ලාහ්ගේ මාර්ගයේ (හිජ්රත් කිරීමත්,යහ ක්‍රියාවන් කිරීමට )අධිෂ්ඨානය කර ගැනීමත් සැමදා පවති.අල්ලාහ්ගෙ මාර්ගයේ පිටවීමට ඔබ කැඳවනු ලැබුවහොත් ඒ සඳහා පිටත්ව යන්න.
(ග්‍රන්ථ :බුඃහාරි,මුස්ලිම්)

(මක්කාව ජයග්‍රහණයට කළ පසු එයද ඉස්ලාමිය නගරයක් වු නිසා,මක්කාවෙ සිට මදීනාවට හිජ්රත් යෑම අනවශ්‍ය බව මෙම හදීසයේ අදහසයි )

හදීස්:4

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසු බව ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් අල් අන්සාරි රලියල්ලාහු අන්හුමා දන්වයි.නබිතුමාණන් සමඟ අපි සටනකට සහභාගි වී සිටින විට,එතුමාණෝ මෙසේ පැවසුහ “මදීනාවේ සමහර අය සිටිති,ඔබලා කුමන මාර්ගයක ගමන් කළද,කුමන පහත් බිමක් පසු කළද,ඔවුහු ඔබලා සමඟම ගමන් කරන්නෝය.ඔවුන්ගේ අසනීපය ඔවුන්ට (ඔබලා සමඟ නොපැමිණීමට )බාධාවක් විය.(ග්‍රන්ථය : මුස්ලිම්)

අනස් රලියල්ලාහු අන්හු තුමා දන්වයි.තබූක් සටනට සහභාගි වීමෙන් පසු අපි නබිතුමාණන් සමඟ (මදීනාව බලා)ආපසු එමින් සිටියෙමු.එම අවස්ථාවේදි එතුමාණෝ “අප පසුපස මදීනාවේ පිරිසක් සිටිති.අප කඳු මාර්ගයක් හෝ පහත් බිමක් පසු කරන විට ඔවුන්ද අප සමඟ සිටිති (නමුත්)දුෂ්කරතා ඔවුනට බාධාවක් විය”යැයි පැවසූහ.
(ග්‍රන්ථය :බුඃහාරි)

හදීස්:5

මඅන් ඉබ්නු යසීද් රලියල්ලාහු අන්හුමා දන්වයි.මාගේ පියාවන යසීද් තුමා(සදකා) දන්දීම සඳහා රන්කාසි ටිකක් මස්ජිදයේ සිටි මිනිසෙකුට (සුදුසු අයට ඒවා බෙදාදීම සඳහා) භර දුන්නේය.ඉන් පසු මම ඔහු වෙත ගොස් එම රන්කාසි (ඔහුගේ අනුමැතිය ඇතිව )ලබාගෙන මාගේ පියා වෙත පැමිණියෙමි.එම රන්කාසි මාගේ දෑතෙහි තිබෙනු දුටු මාගේ පියා “මා මේවා ඔබට දීමට නොසිතුවෙමි”යැයි කීවේය.මෙ පිළිබඳ මම නබිතුමාණන් වෙත පැමිණිළි කළෙමි.අප කිවු දේ ඇසු නබිතුමා “යසීද් නුඹ අධිෂ්ඨන කළ පිටිදි(සදකා) දන් දීමේ පින නුඹට ලැබුණි.මඅන් නුඹ ගත් රන් කාසි නුඹට අයිතිවන්නේය” යැයි පැවසුහ.
(ග්‍රන්ථය:බුඃහාරි )

මඅන්,ඔහුගෙ පියා යසීද් හා ඔහුගේ සීයා වන අඃනස් යන තිදෙනාම සහාබවරුන්ය.

(තව්බා) පව් සමාව අයදීම

ආයත්-1

“විශ්වාසවන්තයනී! ඔබලා ජයග්‍රහණය ලබා ගැනීමට(පව් සමාව ඉලලා) අල්ලාහ් දෙසට යොමු වන්න.(හෙරෙන්න.) (සූරා:අන්නූර් -31)

ආයත්-2

තවද ඔබගේ රක්ෂකයාණන්ගෙන් පව් සමාව අයදින්න.ඉන්පසුව පසුතැවිලි වී(පව් සමාව)ඉල්ලා ඔහු වෙත යොමුවන්න.
(සූරා:හූද්-90)

ආයත්-3

විශ්වාසවන්තයිනි! අල්ලාහුතආලාගෙන් අවංකව පිරිසිදු සිතින් පව් සමාව ඉල්ලන්න.
(සූරා:අත් තහ්රීම්-08)

හදීස්:1

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසීම තමා ඇසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හුතුමා දන්වයි.නියත වශයෙන්ම මම දිනකට හැත්තෑ වතාවකට වඩා වැඩියෙන් අල්ලාහුතආලාගෙන් (තව්බා කරමි.) පව් සමාව අයදිමි.(ග්‍රන්ථය:බුඃහාරි)

හදීස්:2

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසූ බව අඃගර් ඉබ්නු යසාර් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.ජනයිනි! අල්ලාහුතආලාගෙන් පව් සමාව අයදින්න.ඔහුගෙන්ම වැරදිවලට සමාව අයදින්න.නියතවශයෙන්ම මා දිනකට සියවතාවක් පව් සමාව අයදිමි(ග්‍රන්ථය:මුස්ලිම්)

හදීස්:3

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසූ බව අනස් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.(විශාල)කාන්තාරයක අතුරුදහන් වු තම ඔටුවා නැවත හමුවීමෙන් කෙනෙකුට ඇතිවන සතුටට වඩා ,වැඩි සතුටක් ගැත්තෙකු තමාගෙන් පව් සමාව ලබා මිදෙන විට අල්ලාහුතආලාට ඇතිවන්නේය.(ග්‍රන්ථය:බුඃහාරි,මුස්ලිම්)

මුස්ලිම් ග්‍රන්ථයෙහි තවත් දැන්වීමක ,ඔබලාගෙන් කෙනෙකුගේ ඔටුවෙක් ආහාර,පානීය ජලය සමඟ කාන්තාරයක දී අතුරුදහන් විය.ඔහු බලාපොරුත්තු සුන්වී ගසක සෙවනැල්ලේ වැතිර සිටින විට එම ඔටුවා ක්ෂණිකව ඔහුට දිස්වුයේ නම්,ඔහු කෙතරම් සතුටට පත්වන්නේද?එයට වඩා (අධික ලෙස)තම ගැත්තා සමාව අයදින විට අල්ලාහුතආලා සතුටට පත්වෙයි.

හදීස්:4

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසූ බව අබූ මූසා අල් අෂ්අරියි රලියල්ලාහු අන්හුතුමා දන්වයි.බටහිරෙන් හිරු උදාවන තුරු,දවාලේ වැරදි කළ කෙනෙකු සමාව ඉල්ලා ඉන් මිදීමට රාත්‍රයේදීත්,රාත්‍රයේ වැරදි කළ කෙනෙකු සමාව ඉල්ලා ඉන් මිදීමට දවාලයේදීත් නියත වශයෙන්ම අල්ලාහුත ආලා තම අන දිගු කරමින් සිටියි.(පව් සමාව පිලිගනීයි ).(ග්‍රන්ථය: මුස්ලිම්)

හදීස්:5

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසූ බව අබූ හුරෛයිරා රලියල්ලාහු අන්හුමා දන්වයි.බටහිරෙන් හිරු උදාවීමට පෙර කවරෙකු සමාව ඉල්ලන්නේද ඔහුගේ පව් සමාව අල්ලාහ් පිලිගනියි.(ග්‍රන්ථය: මුස්ලිම්)

හදීස්:6

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.උගුර දක්වා ප්‍රාණය පෙමිණීමට පෙර(මරණාසන්න මොහුතේ )උගුරේ පණ අදිමින් සිටින විට අල්ලාහුතආලා නියත වශයෙන්ම පව් සමාව පිලිගනීයි .(ග්‍රන්ථය: තිර්මිZදි)

සත්‍ය පැවසීම

ආයත්-1

විශ්වාසවන්තයනී! ඔබලා අල්ලාහ්ට බියවන්න! සත්‍යවන්තයින් වන්න.! (සූරා:අත්-තව්බා -119)

ආයත්-2

සත්‍ය පවසන පිරිමින්ටද,සත්‍ය පවසන ගැහණුන්ටද,අතිමහත් දයාදයන් පිළියෙළ කොට තිබේ.(සුරා:අල්-අහZසාබ් 35)

ආයත්-3

ඔවුන් අල්ලාහ්ට සත්‍යවන්තයින් වුවහොත්,එය ඔවුනට ඉතා යහපතක්ම වන්නේය.(සූරා:මුහම්මද් 21)

හදීස්:1

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.”නියත වශයෙන් සත්‍ය යහපත දෙසට මඟ පෙන්වයි.යහපත ස්වර්ගය දෙසට මඟ පෙන්වයි.කෙනෙක් සත්‍ය කථා කිරීම පිළිපදින්නේ නම් ඔහු අල්ලාහුතආලා වෙත සත්‍යවන්තයෙකු ලෙස ලියවේ.නියත වශයෙන් අසත්‍ය අයහපත දෙසට මඟ පෙන්වයි.කෙනෙක් අධික ලෙස අසත්‍ය කථා කරන්නෙහි නම්,ඔහු අල්ලාහුතආලා වෙත අසත්‍යවන්තයෙකු ලෙස ලියවේ.” යැයි රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණෝ පැවසුහ.(ග්‍රන්ථ:බුඃහාරි,මුස්ලිම්)

හදීස්:2

ඔබ සැක සහිත දේවල්වලින් වැළකී,සැකයෙන් තොර ක්‍රියාවන්වල නිරතවන්න.”නියතවශයෙන්ම සත්‍ය සැනසීමක් බවත්,අසත්‍ය සැකයට හේතුවක් බවත් ,රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන්ගෙන් මම ඉගෙන ගතිමි”යැයි හසන් රලියල්ලාහු අන්හුතුමා පැවසුවේය.(ග්‍රන්ථය:තිර්මිZදි)

(යම් දෙයක් අනුමත දැයි සැකයක් ඇතිවූ විට ,එය අත්හැර සැකයක් නොමැති දේ තෝරා ගත යුතු බව මෙම හදීසයේ අදහසයි.)

හදීස්:3

අබූ සුෆ්යාන් රලියල්ලාහු අන්හුතුමා හිර්කල්ගේ සිද්ධියේ දන්වා තිබෙන දීර්ඝ හදීසයේ පහත සඳහන් කරුණුද සඳහන් වී තිබේ.එම නබිවරයා ඔබලාට කුමක් අණ කරන්නේදැයි හිර්කල් ඇසු විට,”අල්ලාහුතආලාට පමණක් නමදින්න,ඔහුට කිසිම දෙයක් සම නොකරන්න,ඔබලාට පෙර සිටි අය ප්‍රකාශ කළ දේවල් අත්හරින්න”‍යැයි එම නබිවරයා පවසමින් සිටියි.තවද “සලාතය ඉටුකරන ලෙසද,සත්‍ය පවසන ලෙසද,ශීලය ආරක්ෂා කරන ලෙසද,ඥාතීන් සමඟ සමඟියෙන් ජීවත් වන ලෙසද අණ කරන බව පැවසුවෙමි”යැයි අබූ සුෆ්යාන් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.(ග්‍රන්ථ:බුඃහාරි,මුස්ලිම්)

හදීස්:4

බද්ර් සටනට සහභාගි වූ සහ්ල් ඉබ්නු හුනයිෆ් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.”කවරෙකු හෝ අවංකවම ෂහාදත් නම් වීර මරණය අල්ලාහුතආලාගෙන් ඉල්ලන්නෙද ඔහුව ෂුහදාවරුන්ගේ(වීර මරණය පත් අයගේ)තත්වයට අල්ලාහුතආලා පත් කරයි.ඔහු තම නිදියහනේ මරණයට පත්වූවද ප්‍රශ්නයක් නොවේ”යැයි රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණෝ පැවසුහ.(ග්‍රන්ථය:මුස්ලිම්)

හදීස්:6

හකීම් ඉබ්නු හිZසාම් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.”විකුණන්නා,හා මිලයට ගන්නා,දෙදෙනාම එම ස්ථානයෙන් වෙන්වී යාමට පෙර එම වෙළඳාම නතර කරගැනීමට අයිතිය තිබේ.එම දෙදෙනා සත්‍ය ප්‍රකාශ කර (දෙදෙනාම වෙළඳාම් කරන භාණ්ඩයේ ඇති අඩුපාඩු )මනා ලෙස පැහැදිලි කරගත්තේ නම්,එම දෙදෙනා එහි ඇති දේ සඟවා අසත්‍ය ප්‍රකාශ කලහොත් එම වෙළඳාමෙහි අභිවෘද්ධිය(බරකත්) ඉවත් කරනු ලැබේ.”යැයි රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණෝ පැවසුහ.(ග්‍රන්ථය:බුඃහාරි,මුස්ලිම්)

හොද ගුණාංග

ආයත්-1

(නබිවරයාණෙනි!) ඔබ මහත් වූ යහපත් වන ගතිගුණ මත සිටින්නෙහිය(සූරා:-අල් කලම්-04)

ආයත්-2

(තක්වා ඇත්තවුන් කෙබදු අයද යත්) ඔවුන් කෝපය අති වූ විට පාලනය කරගන්නන්වද මිනිසුන්ගේ (වැරදි) සමා කරන්නන් ලෙස ද(සිටිති) අල්ලාහ් (මෙලෙස) පින් කරන්නන්ව ස්නේහය කරයි.(සූරා :- ආල ඉම්රාන්-134)

හදීස්-1

අනස් රලියල්ලාහු අන්හු තුමා දන්වයි. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ මිනිසුන් අතර යහපත් ගුණාංග වලින් යුක්ත වූහ.(ග්‍රන්ථ:-බුඃහාරි ,මුස්ලිම්)

හදීස්-2

අනස් රලියල්ලාහු අන්හු තුමා දන්වයි.මම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ අත්වලට වඩා සිනිදූ පට රෙද්දක් හෝ පට වර්ගයක් ම අත ගෑවේ නැත. නබි තුමාණන්ගෙන් පිටවන සුවඳට වඩා සුවඳක් කිසි දිනක විඳ නැත.මම එතුමාණන්ට අවුරුදු දහයක් සත්කාර කෙරුවෙමි.ඒ කාලය තුල මා දෙස බලා ‘චී’ යන වචනය පවා නොපැවසූහ.මා යම් ක්‍රියාවකට “මෙය නොකළේ මන්ද” යැයි නොඇසූහ.(ග්‍රන්ථ:-බුඃහාරි ,මුස්ලිම්)

අල්ලාහුතආලා අපව අවධානය කිරීම

ආයත්-1

ඔහු කෙබ්දු කෙනෙක්ද යන් නුඹ(හුදකලාවම නැම්දීම සඳහා)සිට ගන්නාවිට ඔහු නුඹව බලය.සජ්දාවෙහි යෙදනවුන් (සලාත් කරන්නවුන්)අතර (රුකූඋ,සුජූදු කරමින් නුඹ සිටින විට)නුඹේ ඉරියව්වද ඔහු බලය.(සූරා :අෂ්ෂුඅරා 218,219)

ආයත්-2

නුඹලා කොහි සිටියත් ඔහු (දැනුමෙන් හා ශක්තියෙන්)නුඹලා සමගින් සිටියි.(සූරා :අල්-හදීද් 35)

ආයත්-3

නියත වශයෙන්ම අහසේ හා පොලවේ කිසිවක් අල්ලාහ්ට සැඟවුණු දෑ නොවේ.(සූරා:ආල ඉම්රාන් 05)

ආයත්-4

නියත වශයෙන්ම නුඹගේ රක්ෂ්කයාණන්(ගැත්තෙකුගේ සෑම ක්‍රියාවක්ම)නිරීක්ෂණය කරමින් සිටියි.(සූරා:ෆජ්ර් 14)

ආයත්-5

(මිනිස්සුන්ගේ) ඇස්වල වංචනික බැල්මද,සිත්තුළ සඟවා තබා ඇති දෑද ඔහු දනියි.(සූරා:අල් මුඃමින් 19)

හදීස්:1

උමර් රලියල්ලාහු අන්හු තුමා දන්වයි.දිනක් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ සමූහයේ අප වාඩිවී සිටින විට,සුදු පාට ඇඳුම් ඇඳ,කළු පාට කෙස් ඇති මිනිසෙකු අප වෙත පැමිණියේය.මඟියෙකු වෙත තිබිය යුතු කිසිම සළකුණක් ඔහු වෙත නොවිය.අප කිසිවෙකු ඔහුව නොහඳුනනෙමු.ඔහු නබිතුමාණන්ගේ සමීයට ගොස් වාඩිවුයේය.තම දණහිස් දෙක නබිතුමාණන්ගේ දණහිස් සමඟ ගෑවෙන සේ තැබිය.තම අත්දෙක කලවා මත තබා ගත්තේය.ඉන්පසු ඔහු, ‘මුහම්මද්!ඉස්ලාමය ගැන මට කියා දෙන්නැයි’ ඉල්ලීය.”නැමදීමට” අල්ලාහුතආලා හැර අන් කිසිවෙකු නොමැත,මුහම්මද් (සල්ලලාහු අලෙයිහිවසල්ලම්)අල්ලාහුතආලාගේ දූතයෙකු බව සාක්ෂි දැරීමත්,සලාතය ස්ථාපිත කිරීමත්,Zසකාත් දීමත්,රමළාන් මාසයේ උපවාසයේ යෙදීමත් ,හජ් ඉටු කිරීමට හැකියාව ඇත්තොන් කඃබාව හජ් කිරීමත්” යැයි.නබිතුමාණෝ පැවසුහ එයට ඔහු “සත්‍ය පැවසුවෙහිය” යැයි කීවේය.

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගෙන් ඔහුම අසා ඔහුම සත්‍ය කිරීම බලා සිටි අපි පුදුමයට පත්වුනෙමු.පසුව ඊමනය ගැන කියා දෙන ලෙස ඔහු පැවසීය.එයට නබිතුමාණෝ “ඔබ අල්ලාහුතආලාවද,ඔහුගේ මලාඉකාවරුන්වද,ඔහු පහල කළ ආගම්ද,ඔහුගේ දූතයන්වද කැමත්ත අනුව සිදුවන බවද විශ්වාස කිරීම වේ”.යැයි පැවසුහ.එවිට ඔහු “සත්‍ය පැවසුවෙහිය” යනුවෙන් කීවේය.ඉන් ඔහු පසු “ඉහ්සාන් ගැන මට කියා දෙන්නැයි කීවේය.

එයට නබිතුමාණෝ “අල්ලාහුතආලාව ඔබ බලනවක් මෙන් ඔහුව නැමදිය යුතුයි.සත්‍ය වශයෙන්ම ඔබට ඔබට ඔහු නොපෙනුනත්,අල්ලාහ් ඔබව බලන්නේය” යැයි කීහ.පසුව “කියාමත් දිනය ගැන මට කියා දෙන්නැයි”ඔහු කීවේය.එයට නබිතුමාණෝ “ප්‍රශ්නය අසනු ලබන්නා අසන්නාට වඩා,ඒ ගැන වැඩියෙන් දන්නේ යැයි”පිළිතුරු දුන්හ.ඉන්පසු කියාමත් දිනයේ සලකුණු(පෙර නිමිති )ගැන මට කියා දෙන්නැයි ඔහු ඉල්ලීය.එයට නබිතුමාණෝ “වහල් ස්ත්‍රීයක් තම ස්වාමි දුව ප්‍රසූත කිරීමත්,පැළදීමට පාවහන් නොමැති ,හරියාකාර අඳින්නට වස්ත්‍රයක් නොමැති දුප්පත් එඩේරුන් ගොඩනැගිලි තැනීමෙහි තමන් අතර එකිනෙකා තරඟ කර ගැනීමත් ඔබ දැකීම වේ”යැයි පැවසූහ.ඉන්පසු ආ තැනැත්තා ආපසු ගියේය.උමර් රලියල්ලාහු අන්හුතුමා පවසයි.මම බොහෝ වේලාවක් එහි රැඳී සිටියෙමි.නබි තුමාණෝ “උමර් ,ප්‍රශ්න ඇසූ තැනැත්තා කවරෙක්ද යන්න ඔබ දන්නේ දැයි” ඇසූහ.”අල්ලාහුත ආලා හා ඔහුගේ දූතයාණන් එ ගැන හොදින් දනියි.” යැයි මාම් පිළිතුරු දුනිමි.”ඔහු ජිබ්රීඊල් අලෙයිහිවස්සලාම් තුමාවේ.ඔබලාට ධර්මය ඉගැන්වීම සඳහා පැමිණියේය”යැයි නබිතුමාණෝ පැවසූහ.(ග්‍රන්ථ:බුඃහාරි,මුස්ලිම්)

වහල් ස්ත්‍රීයක් තම ස්වාමිදුව ප්‍රසූත කිරීම යන්නෙහි අදහස,වහල් ස්ත්‍රීන් අධික වී වහල් ස්ත්‍රීයක් මඟින් ස්වාමියාට ගැහැණු දරුවෙකු ලැබීමයි.ස්වාමියාගේ දරුවා ස්වාමියා මෙන් සිටියි.මෙයට තවත් අදහසක්ද පවසා තිබේ.

හදීස්:2

අබුZසර් රලියල්ලාහු අන්හුතුමා හා මුආද් ඉබ්නු ජබල් රලියල්ලාහු අන්හුතුමා දන්වති.”ඔබ කොහි සිටියද අල්ලාහ්ට බියවන්න.පාපයක් කළහොත්,යහපතක්ද කරන්න.එම යහපත,එම පව නැතිකරයි.සදාචාරාත්මකව ජනයා සමග ඇසුරු කරන්න”.යැයි රසූලුල්ලාහි සල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ පැවසූහ.(ග්‍රන්ථය:තිර්මිZදි )

හදීස්:3

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.මම දිනක් (වාහනයක)රසූලුල්ලාහි සල්ලලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ට පිටුපසින් වාඩිවී සිටියෙමි.එවිට එතුමාණෝ,”දරුවා!(ප්‍රයොජනවත්)කරුණු ටිකක් මා ඔබට උගන්වන්නම්,අල්ලාහුතආලාගේ යුතුකම් කෙරෙහි සැළකිලිමත් වන්න!අල්ලාහුතආලා ඔබව ආරක්ෂා කරයි.අල්ලාහුතආලාගේ අණ පිළිපදින්න.ඔබට අවශ්‍ය වූ වේලාවක් ඔහුගේ දායාදයන් ඔබට ලැබෙයි.ඔබ යමක් ඉල්ලන විට,අල්ලාහුතආලාගෙන්ම ඉල්ලන්න.ඔබ උදව් පතන්නේනම්,අල්ලාහුතආලාගෙන්ම උදව් පතන්න.ඔබට යහපතක් කිරීමට සියලු ජනයා එකතු වූවද,අල්ලාහුත ආලා තීරණය කරන ලද යහපත පමණක් ඔබට ලබා දිය හැක.ඔබට අයහපතක් කිරීමට සියලු ජනයා එක්වූවද,අල්ලාහුත ආලා තීරණය කරන ලද අයහපත පමණක් ඔබට සිදුවන බව හොදින් වටහා ගන්න.පන්හිඳවල් (ලියන උපකරණ )ඉහලට එසවින.පොත්පත් වියළී ගියෝය.එනම් දෛවය(තක්දීර්)කලින්ම තීරණය වී අවසාන වී තිබේ”යැයි පැවසූහ.
(ග්‍රන්ථය:තිර්මිZදි )

තවත් දැන්වීමක අල්ලාහුතආලාගේ අණ කෙරෙහි සැළකිලිමත් වන්න.අල්ලාහුතආලා ඔබට උදව් කරයි.ඔබ සතුටුවන තත්වයන් හිදි අල්ලාහුතආලාගේ කරුණාව ලබාගැනීමට උත්සාහ කරන්න.දුකක් ඇතිවු විට ඔහු ඔබට උදව් කරයි.ඔබට අතපසු වූ දෙය ඔබට ලැබීමට නොතිබුණු බවත් ,ඔබට ලැබුණු දේවල් ඔබට අතපසු නොවු බවත් මනාලෙස වටහාගන්න.නියත වශයෙන්ම උදව් ,ඉවසීමෙන් ලැබේ.කරදර විදීමෙන් පසු සතුටු ලැබේ.දුෂ්කරතා සමඟ පහසුකම් තිබේ යනන දැනගන්න”යැයි රසූලුල්ලාහි සල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසූ බව දන්වා තිබේ.

හදීස්:4

“(ජනයිනි!)ඔබලා සමහර ක්‍රියාවන් කරන්නෙහුය.ඒවා ඔබලාගේ බැලෙමෙන් කෙස් ගහකට වඩා කුඩාවට පෙනිය හැක.(නමුත්) රසූලුල්ලාහි සල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ කාලයේදි එම ක්‍රියාවන් අපගේ විනාශයට හේතුවක් වන බව අප සිතුවෙමු”යැයි අනස් රලියල්ලාහු අන්හුතුමා පවසයි.(ග්‍රන්ථය:බුඃහාරි)

හදීස්:5

රසූලුල්ලාහි සල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු තුමා දන්වයි.අලාහුතආලා කොපයට පත්වෙයි.ඔහු කෝපයට පත්වන්නේ තහනම් කරන ලද දේ මිනිසා කරන විටදිය.(ග්‍රන්ථ:බුඃහාරි,මුස්ලිම්)

භය භක්තිය(තක්වා)

ආයත්-1

විශ්වාසවන්තයනී! ඔබලා අල්ලාහ්ට බිය වියයුතු ආකාරයට බියවන්න.(සූරා-ආල ඉම්රාන්:102)

ආයත්-2

හැකි පමණින් ඔබලා අල්ලාහ්ට බියවන්න.(සූරා- අන් තඃගාබුන්:16)

(මෙම වැකිය කලින් පවසන ලද වෙකියේ අදහස පැහැදිළි කිරීමකි)

ආයත්-3

විශ්වාසවන්තයිනි!ඔබලා අල්ලාහ්ට බියවන්න.සත්‍ය වදන් පවසන්න.(සූරා අහ්zසාබ්-70)

(බිය බැතිකම්(තක්වා)අණ කරන කුර්ආන් පාඨ අධිකව තිබේ.)

ආයත්-4

කවරෙක් අල්ලාහ්ට බිය වී සිටින්නේද ඔහුව අල්ලාහ් අපහසු අවස්ථාවලින් මිදෙන්න සලස්වයි.තවද ඔහු බලාපොරුත්තු නොවු අයුරින් ඔහුට ජීවන අවශ්‍යතා(රිZස්ක්) සපයයි.(සූරා අන්-තලාක් 2,3)

ආයත්-5

විශ්වාසවන්තයිනි!ඔබලා අල්ලාහ්ට බියවන්නේ නම් සත්‍ය අසත්‍ය වෙන්කරන ශක්තිය අල්ලාහ් ඔබලාට ලබාදෙන්නේය.ඔබලාගේ පව් ඉවත්කර,ඔබලාට සමාව දෙන්නේය.තවද අල්ලාහ් අතිමහත් කරුණාව ඇත්තෙකි.(සූරා අන්ෆාල් -29)

හදීස්-1

අබූහුරෙයිරා රලියල්ලාහු අන්හුතුමා දන්වයි.රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණ්න්ගෙන් “යා රසූලුල්ලාහ්!මිනිස්සුන්ගෙන් වඩාත් ගෞරවවන්තයා කවරෙක් දැයි”අසනු ලැබිය.එයට එතුමාණෝ “මිනිසුන් අතරින් අධිකව අල්ලාහුතආලාට බියවන්නා”යැයි පිලිතුරු දුන්හ.එවිට සහාබාවරුන් අප මේ ගැන ඔබතුමාණන්ගෙන් විමසූවේ නැතැයි,පැවසූහ.නබිතුමාණෝ “මිනිසුන් අතර ශ්‍රේෂ්ඨවන්තයා නබි යූසුෆ් අලෙයිහිවසල්ලාම් වන්නේය.මන්දයන් ඔහුද දූතයෙක්.ඔහුගේ පියාණන් වන යඃකූබ් අලෙයිහිස්සලාම්ද දූතයෙකි.ඔහුගේ පියාණන් වන ඉබ්රාහීම් අලෙයිහිස්සලාම් දූතයෙක් මෙන්ම අල්ලාහ්ගේ ස්නේහවන්තයෙකුද වේ”‍යැයි පැවසූහ.එයටද සහාබාවරුන් අප මෙ ගැන විමසුවේ නැතැයි යැයි පැවසූහ.එවිට නබිතුමානෝ “අරාබි ගෝත්‍රිකයින් පිළිබඳ මගෙන් විමසන්නේ දැයි” අසා ,”අඥණ යුගයේ ශ්‍රේෂ්ඨවන්තයින් වුයේ කවරෙක්ද,ඔවුන් ආගමික නීති රීති දැනගෙන ක්‍රියා කළහොත් ඔවුන් ඉස්ලාමයේද , ශ්‍රේෂ්ඨවන්තයින් වෙති”යැයි පැවසූහ.(ග්‍රන්ථ:බුඃහාරි,මුස්ලිම්)

හදීස්-2

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව අබු සර්දිනිල් හුද්රි රලියල්ලාහු අන්හුතුමා දන්වයි.නියතවශයෙන්ම ලෝකය රසවත් හා සාරවත් බවින් යුක්තය,නියතවශයෙන්ම අල්ලාහුතආලා ,ඔබලා කෙසේ කටයුතු කරන්නේදෙයි පරීක්ෂා කිරීම සඳහා ඔබලාව නියෝජිතයන් කොට ඇත.එම නිසා ලෝකයට බියවන්න ,කාන්තාවන්ට ද බියවන්න ,මන්ද යන් බනූ ඉස්රාඊල් ගෝත්‍රිකයන් අතර මුලින්ම ආරවුල් හටගත්තේ කාන්තාවන් නිසාය.(ග්‍රන්ථය:මුස්ලිම්)

හදීස්-3

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් “යා අල්ලාහ්!සෘජු මාර්ගයද ,බියබැතිකමද,සැළකිළිමත් බවද,අන් අයට අත නොපා සිටීමද,මම ඔබෙන් ඉල්ලමි” යනුවෙන් ප්‍රර්ථනා කරන්නෙකුව සිටි බව ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුතුමා දන්වා ඇත.(ග්‍රන්ථය:මුස්ලිම් )

හදීස්-4

අදියි ඉබ්නු හාතිම් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.”කවරෙකු හෝ යම් දෙයක් මත දිව් රා,මසුව එයට වඩා අන්දෙයක් කිරීම අල්ලාහුතආලාගේ බියබැතිකමට සුදුසු බව දකින විට,ඔහු බියබැතිකමින් යුත් එම දෙය තෝරාගත යුතු”යැයි රසූලුල්ලාහි සල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ පැවසූහ.(ග්‍රන්ථය:මුස්ලිම් )

හදීස්-5

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් අවසාන හජ් වන්දනාවෙහිදි “ජනයිනි! අල්ලාහුතආලාට බියවන්න.ඔබලා පස්වේලේ සලාතය ඉටුකරන්න,ඔබලාගේ නායකයාට අවනතවන්න.එසේ ඔබලා කළහොත් ඔබලාගේ රක්ෂකයාණන්ගේ ස්වර්ගයට පිවිසෙනු ඇත”යනුවෙන් දේශනයක් කිරීම මම ඇසුවෙමි යැයි අබූ උමාමතුල් බාහිලි රලියල්ලාහු අන්හුතුමා දන්වා ඇත.(ග්‍රන්ථය:තිර්මිZදි)

සිත් ධෛර්යය හා අල්ලාහුතආලා වෙත වගකීම පැවරීම

ආයත්-1

විශ්වාසවන්තයින් සහායකයන් දුටු විට ‘මෙය අල්ලාහුතආලා හා ඔහුගේ දූතයාණන් අපට පොරුන්දු වූ දෙයයි.අල්ලාහුතආලා හා ඔහුගේ දූතකයාණන් සත්‍යම පැවසූහ.’ඔහුන්ගේ විශ්වාසයන් වනත වීමන් හැර අන්දෙයක් ඔවුන් තුල අධික වුයේ නැත.(සූරා අහ්zසාබ්-22)

ආයත්-2

“ඇත්තෙන්ම මිනිසුන් ඔබලාට විරුද්ධව (සටන් කිරීමට)එක් රැස්ව සිටිති,එම නිසා ඔවුනට බියවන්න”යැයි සමහරුන් (පැමිණ)ඔවුනට පැවසූහ.ඔවුනට බය(ඇතිවීම වෙනුවට)ඔවුන්ගේ විශ්වාසය ඊමනය අධික විය.තවද අල්ලාහ් අපට ප්‍රමාණවත්ය.ආරක්ෂකයන්ගෙන් ඔහු ඉතා යහපතෙකි”.යැයි ඔවුහූ පැවසූහ.එමනිසා ඔවුන් අල්ලාහ්ගේ දායාදයන් හා කරුණාව ලබා ආපසු ගියහ.ඔවුනට කිසිම උවදුරක් සිදුවුයේ නැත.තවද ඔවුන් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගියහ.අල්ලාහ් අතිමහත් වරප්‍රසාද ඇත්තකි.
(සූරා:ආල ඉම්රාන්-173)

ආයත්-3

මරණයට පත් නොවන ජීවමානයා(අල්ලාහ්) වෙත ඔබගේ කරයුතු භාරකරන්න!(සූරා:අල් ෆුර්කාන්-58)

ආයත්-4

විශ්වාසවන්තයින්(මුඃමීන්වරු )අල්ලාහ් වෙතම සියල්ල භාර කරති.(සූරා:ඉබ්රාහීම්-11)

ආයත්-5

ඔබ (යම් කාර්යයක් ඉටුකිරීමට)තීරණය කළද,එය අල්ලාහ් වෙතම පවරන්න.(සූරා:ආල ඉම්රාන්-159)

(අල්ලාහ් වෙත පැවරීම අණ්කරනු ලබන කුර්ආන් වැකි (ආයත්) තව අධිකව ඇත.)

ආයත්-6

කවරෙක් තම කාර්යයක් අල්ලාහ් වෙත පවරයිද,ඔහුට අල්ලාහ් ප්‍රමාණවත් වන්නේය.(සූරා:තලාක්-3)

ආයත්-7

(සත්‍ය)විශ්වාසය කරන අය කවරෙකු නම්,අල්ලාහ් යැයි සිහිපත් කළ කල්හි,ඔවුන්ගේ සිත් බියෙන් ගැහෙයි,තවද ඔහුගේ වදන් ඔවුන් ඉදිටියේ තිලාවත් කරනු ලැබු විට,ඔවුන්ගේ විශ්වාසය(ඊමානය)අධික වෙයි.ඔවුන් තම රක්ෂ්කයාණන් වෙත තම කටයුතු සම්පූර්ණයෙන් පවරති.(සූරා:අන්ෆාල්-2)

අල්ලාහ් වෙත සියල්ල පැවරීම (තවක්කල්) සම්බන්ධ තවත් කුර්ආන් වැකි අධිකව ඇත.