සත්‍ය පැවසීම

ආයත්-1

විශ්වාසවන්තයනී! ඔබලා අල්ලාහ්ට බියවන්න! සත්‍යවන්තයින් වන්න.! (සූරා:අත්-තව්බා -119)

ආයත්-2

සත්‍ය පවසන පිරිමින්ටද,සත්‍ය පවසන ගැහණුන්ටද,අතිමහත් දයාදයන් පිළියෙළ කොට තිබේ.(සුරා:අල්-අහZසාබ් 35)

ආයත්-3

ඔවුන් අල්ලාහ්ට සත්‍යවන්තයින් වුවහොත්,එය ඔවුනට ඉතා යහපතක්ම වන්නේය.(සූරා:මුහම්මද් 21)

හදීස්:1

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.”නියත වශයෙන් සත්‍ය යහපත දෙසට මඟ පෙන්වයි.යහපත ස්වර්ගය දෙසට මඟ පෙන්වයි.කෙනෙක් සත්‍ය කථා කිරීම පිළිපදින්නේ නම් ඔහු අල්ලාහුතආලා වෙත සත්‍යවන්තයෙකු ලෙස ලියවේ.නියත වශයෙන් අසත්‍ය අයහපත දෙසට මඟ පෙන්වයි.කෙනෙක් අධික ලෙස අසත්‍ය කථා කරන්නෙහි නම්,ඔහු අල්ලාහුතආලා වෙත අසත්‍යවන්තයෙකු ලෙස ලියවේ.” යැයි රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණෝ පැවසුහ.(ග්‍රන්ථ:බුඃහාරි,මුස්ලිම්)

හදීස්:2

ඔබ සැක සහිත දේවල්වලින් වැළකී,සැකයෙන් තොර ක්‍රියාවන්වල නිරතවන්න.”නියතවශයෙන්ම සත්‍ය සැනසීමක් බවත්,අසත්‍ය සැකයට හේතුවක් බවත් ,රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන්ගෙන් මම ඉගෙන ගතිමි”යැයි හසන් රලියල්ලාහු අන්හුතුමා පැවසුවේය.(ග්‍රන්ථය:තිර්මිZදි)

(යම් දෙයක් අනුමත දැයි සැකයක් ඇතිවූ විට ,එය අත්හැර සැකයක් නොමැති දේ තෝරා ගත යුතු බව මෙම හදීසයේ අදහසයි.)

හදීස්:3

අබූ සුෆ්යාන් රලියල්ලාහු අන්හුතුමා හිර්කල්ගේ සිද්ධියේ දන්වා තිබෙන දීර්ඝ හදීසයේ පහත සඳහන් කරුණුද සඳහන් වී තිබේ.එම නබිවරයා ඔබලාට කුමක් අණ කරන්නේදැයි හිර්කල් ඇසු විට,”අල්ලාහුතආලාට පමණක් නමදින්න,ඔහුට කිසිම දෙයක් සම නොකරන්න,ඔබලාට පෙර සිටි අය ප්‍රකාශ කළ දේවල් අත්හරින්න”‍යැයි එම නබිවරයා පවසමින් සිටියි.තවද “සලාතය ඉටුකරන ලෙසද,සත්‍ය පවසන ලෙසද,ශීලය ආරක්ෂා කරන ලෙසද,ඥාතීන් සමඟ සමඟියෙන් ජීවත් වන ලෙසද අණ කරන බව පැවසුවෙමි”යැයි අබූ සුෆ්යාන් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.(ග්‍රන්ථ:බුඃහාරි,මුස්ලිම්)

හදීස්:4

බද්ර් සටනට සහභාගි වූ සහ්ල් ඉබ්නු හුනයිෆ් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.”කවරෙකු හෝ අවංකවම ෂහාදත් නම් වීර මරණය අල්ලාහුතආලාගෙන් ඉල්ලන්නෙද ඔහුව ෂුහදාවරුන්ගේ(වීර මරණය පත් අයගේ)තත්වයට අල්ලාහුතආලා පත් කරයි.ඔහු තම නිදියහනේ මරණයට පත්වූවද ප්‍රශ්නයක් නොවේ”යැයි රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණෝ පැවසුහ.(ග්‍රන්ථය:මුස්ලිම්)

හදීස්:6

හකීම් ඉබ්නු හිZසාම් රලියල්ලාහු අන්හුතුමා දන්වයි.”විකුණන්නා,හා මිලයට ගන්නා,දෙදෙනාම එම ස්ථානයෙන් වෙන්වී යාමට පෙර එම වෙළඳාම නතර කරගැනීමට අයිතිය තිබේ.එම දෙදෙනා සත්‍ය ප්‍රකාශ කර (දෙදෙනාම වෙළඳාම් කරන භාණ්ඩයේ ඇති අඩුපාඩු )මනා ලෙස පැහැදිලි කරගත්තේ නම්,එම දෙදෙනා එහි ඇති දේ සඟවා අසත්‍ය ප්‍රකාශ කලහොත් එම වෙළඳාමෙහි අභිවෘද්ධිය(බරකත්) ඉවත් කරනු ලැබේ.”යැයි රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණෝ පැවසුහ.(ග්‍රන්ථය:බුඃහාරි,මුස්ලිම්)