පිරිසිදු චේතනාව

ආයත්-1

“නැමදුම අල්ලාහුතආලාට පමණකි” යන පිරිසිදු චේතනාවෙන් ඔවුන් අල්ලාහ්ව නැමදීමටත් ,සලාතය ඉටුකිරීමටත් ,zසකාත් පිරිනැමීමටත් (හැර අන්දෙයකට ) ඔවුන් අණ ලැබුවෙ නැත.තවද මෙය ස්ථාවර ධර්මය වන්නේය.
(සූරා අල් බය්යිනාත්:05)

ආයත්-2

“මෙලෙස කුර්බාන්(සත්වයින් වූ) උන්ගේ මස් හෝ ලේ අල්ලාහ් වෙත ලඟා නොවේ.එහෙත් ඔබගේ බියබැතිමත්කම ඔහු වෙත ලඟාවේ”
(සූරා අල්හජ්:37)

ආයත්-3

නුඹලාගේ මනස තුල තිබෙන දෙය නුඹලා සැඟවුවද,හැළිදරව් කළද,අල්ලහ් එය මැනවින් දනී” යැයි නබිවරයාණෙනි ඔබ පවසන්න.
(සූරා ආල ඉම්රාන්:29)

හදීස්:1

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසීම තමා ඇසු බව (අමීරුල් මුඃමිනීන්) උමර් ඉබ්නු කත්තාබ් රලියල්ලාහු අන්හුතුමා දන්වයි ක්‍රියාවන් සියල්ල (නියියත් )අධිෂ්ඨානය අනුව සිදුවන්නේය.කවරෙකු අල්ලාහුතආලා හා ඔහුගේ රසූල්වරයා වෙනුවෙන් හිජ්රත් කරයිද,එය එලෙසම සිදුවන්නේය කවරෙකු මෙලොව වස්තූන් හෝ කාන්තාවන් විවාහ කර ගැනීමේ අදහසින් හිජ්රත් කරයිද,එයද එලෙසම සිදුවන්නේය.(ග්‍රන්ථ :බුඃහාරි,මුස්ලිම්)

හදීස්:2

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසු බව උම්මුල් මුඃමිනීන් ආයිෂා රලියල්ලාහු අන්හාතුමිය දන්වයි “(අවසාන කාලයේදි )කඃබාව වෙත යුද්ධ සේනාවක් පෙමිණෙයි එම සේනාව “බයිදා” නම් ස්ථානයේ සිටින විට,ඔවුන්ගෙ පළමු වැන්නා පටන් අවසාන තැනැත්තා දක්වා(සියල්ලන්ව )පොළව ගිල ගනී” යැයි නබිතුමාණන් පැවසු විට “යා රසූලුල්ලාහ්! ඔවුන්ගෙන් පළමු වැන්නා සිට අවසාන තැනැත්තා දක්වා පොළව ගිලගන්නේ කෙසේද? ඒ අතර කඩවීදියෙ සිටින අයත් එම සේනාවට අයත් නොවන අයත් සිටිය හැකි නොවේ දැයි” මම ඇසුවෙමි.එයට එතුමාණන් “එසේය ඔවුන්ගේ පළමු වැන්නා සිට අවසාන තැනැත්තා දක්වා(සියලු දෙනාවම ) පොළව ගිලගනියි.පසුව (කියාමත් දිනයෙදී) ඔවුන්ගේ අධිෂ්ඨානය අනුව ඔවුහු නැගිටවනු ලබයි.
(ග්‍රන්ථ :බුඃහාරි,මුස්ලිම්)

හදීස්:3

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසු බව ආයිෂා රලියල්ලාහු අන්හාතුමිය දන්වයි.මක්කා ජයග්‍රහණයට පසු හිජ්රත් යෑමක් නොමැත.නමුත් අල්ලාහ්ගේ මාර්ගයේ (හිජ්රත් කිරීමත්,යහ ක්‍රියාවන් කිරීමට )අධිෂ්ඨානය කර ගැනීමත් සැමදා පවති.අල්ලාහ්ගෙ මාර්ගයේ පිටවීමට ඔබ කැඳවනු ලැබුවහොත් ඒ සඳහා පිටත්ව යන්න.
(ග්‍රන්ථ :බුඃහාරි,මුස්ලිම්)

(මක්කාව ජයග්‍රහණයට කළ පසු එයද ඉස්ලාමිය නගරයක් වු නිසා,මක්කාවෙ සිට මදීනාවට හිජ්රත් යෑම අනවශ්‍ය බව මෙම හදීසයේ අදහසයි )

හදීස්:4

රසූලුල්ලාහි සල්ලලාහු අළෙයිහිවසල්ලම් තුමාණන් පැවසු බව ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් අල් අන්සාරි රලියල්ලාහු අන්හුමා දන්වයි.නබිතුමාණන් සමඟ අපි සටනකට සහභාගි වී සිටින විට,එතුමාණෝ මෙසේ පැවසුහ “මදීනාවේ සමහර අය සිටිති,ඔබලා කුමන මාර්ගයක ගමන් කළද,කුමන පහත් බිමක් පසු කළද,ඔවුහු ඔබලා සමඟම ගමන් කරන්නෝය.ඔවුන්ගේ අසනීපය ඔවුන්ට (ඔබලා සමඟ නොපැමිණීමට )බාධාවක් විය.(ග්‍රන්ථය : මුස්ලිම්)

අනස් රලියල්ලාහු අන්හු තුමා දන්වයි.තබූක් සටනට සහභාගි වීමෙන් පසු අපි නබිතුමාණන් සමඟ (මදීනාව බලා)ආපසු එමින් සිටියෙමු.එම අවස්ථාවේදි එතුමාණෝ “අප පසුපස මදීනාවේ පිරිසක් සිටිති.අප කඳු මාර්ගයක් හෝ පහත් බිමක් පසු කරන විට ඔවුන්ද අප සමඟ සිටිති (නමුත්)දුෂ්කරතා ඔවුනට බාධාවක් විය”යැයි පැවසූහ.
(ග්‍රන්ථය :බුඃහාරි)

හදීස්:5

මඅන් ඉබ්නු යසීද් රලියල්ලාහු අන්හුමා දන්වයි.මාගේ පියාවන යසීද් තුමා(සදකා) දන්දීම සඳහා රන්කාසි ටිකක් මස්ජිදයේ සිටි මිනිසෙකුට (සුදුසු අයට ඒවා බෙදාදීම සඳහා) භර දුන්නේය.ඉන් පසු මම ඔහු වෙත ගොස් එම රන්කාසි (ඔහුගේ අනුමැතිය ඇතිව )ලබාගෙන මාගේ පියා වෙත පැමිණියෙමි.එම රන්කාසි මාගේ දෑතෙහි තිබෙනු දුටු මාගේ පියා “මා මේවා ඔබට දීමට නොසිතුවෙමි”යැයි කීවේය.මෙ පිළිබඳ මම නබිතුමාණන් වෙත පැමිණිළි කළෙමි.අප කිවු දේ ඇසු නබිතුමා “යසීද් නුඹ අධිෂ්ඨන කළ පිටිදි(සදකා) දන් දීමේ පින නුඹට ලැබුණි.මඅන් නුඹ ගත් රන් කාසි නුඹට අයිතිවන්නේය” යැයි පැවසුහ.
(ග්‍රන්ථය:බුඃහාරි )

මඅන්,ඔහුගෙ පියා යසීද් හා ඔහුගේ සීයා වන අඃනස් යන තිදෙනාම සහාබවරුන්ය.