ඉවසීම

ආයත්:1

විශ්වාසවන්තයිනි! ඉවසීම පිළිපදින්න, (සතුරාව මුණගැසෙන විට) එකිනෙකා අතර ස්ථීරව සිටින්න. තවද සතුරාට (පහරදීමට) නිතරම සූදානමින් සිටින්න. (සූරා ආල ඉම්රාන් – 200)

ආයත්:2

බිය වැද්දවීමෙන්ද, කුසගින්නෙන්ද, වස්තූන් හා ප්‍රාණයෙන්ද, පළතුරු (අස්වනු) ආදිය අඩුකිරීමෙන්ද, අප නියත වශයෙන්ම ඔබලාව පරීක්ෂා කර බලමු. තවද (නබිවරයාණෙනි) මෙවැනි අවශ්ථා වලදී ඉවසිලිමත් වන අයට සුභාරංචි පවසන්න. (සූරා බකරා – 155)

හදීස්: 2

අබූ සඊදිනිල් :හුද්රි රලියල්ලාහු අන්හුතුමා දන්වයි. සමහර අන්සාරිවරුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ තමන්ට වස්තූන් ලබාදෙන මෙන් ඉල්ලූහ. නබිතුමාණෝ ඔවුන්ට ඒවා දුන්හ. ඔවුහු නැවතත් ඉල්ලූහ. තම අතෙහි තිබෙන දෑ අවසන් වනතුරු නබිතුමාණෝ දුන් පසු ‘මා වෙත කුමන ධන සම්පත් තිබේද, ඒවා ඔබලාට නොදී මම ඉතිරි නොකරමි’ ඔබලාගෙන් යමෙක් හික්මීම පිළිපදින්නේ නම්, අල්ලාහුතආලා ඔහුව හික්මීම ඇත්තෙකු කරවයි. කවරෙකු උදව් අපේක්ෂා නොකරන්නේද, ඔහුව අල්ලාහුතආලා උදව් අනවශ්‍ය කෙනෙකු කරවයි. කවරෙකු ඉවසීම පිළිපැදීමට උත්සාහ කරයිද, අල්ලාහුතආලා ඔහුට ඉවසීම ලබාදෙයි. ඉවසීමට වටිනා කිසිම දෙයක් අල්ලාහුතආලා කිසිවෙකුට ප්‍රදානය නොකළ බව පැවසූහ.(ග්‍රන්ථ : බුහාරි, මුස්ලීම්)